හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතා පසුගිය 14 වැනිදා සිට මේජර් ජනරාල් තනතුර දක්වා උසස් කර තිබේ.
බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා විදේශ පුහුණවකට යෑමෙන් පසු මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා මේජර් ජනරාල් තනතුර දක්වා උසස් කර ඇත්තේ ත්‍රිකුණාමලය දියකාවා ඒකාබද්ධ යුද මෙහෙයුමේ මාධ්‍ය කටයුතුවල යෙදි සිටියදීය.
හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙනුත්, ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශක නිකුත් කිරීමේදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසත් හෙතෙම කටයුතු කරයි.