හම්බන්තොට වියළි කලාප උද්භිද උද්‍යානය අසළදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.
අද (19දා) උදෑසන 8.30ට පමණ යතුරුපැදියකින් පැමිණ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.