හම්බන්තොට විරෝධයට රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයක් - පරීක්ෂණක් ඕන
හම්බන්තොට උද්ඝෝෂණයේ නිරත වූ පිරිසට පොලීසිය විසින් රසායනික ද්‍රව්‍යක් ජලයට මිශ්‍ර කර එල්ල කර බව දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල මහතා පවසයි.
අතුකෝරාල මහතා මේ බව පැවසුවේ, අද (10දා) දකුණු පළාත් සභාව දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
“ඔය ගහපු ජල ප්‍රහාරයට සහ කඳුළු ගෑස්වලට මිශ්‍ර කරලා තමයි රසායනික ද්‍රව්‍යය ගැහුවේ. ඔය ප්‍රහාරය එල්ල කර අවස්ථාවේ හිටපු ගොඩක් අයට හුස්ම ගන්න බැරි වුණා. කැස්ස වමනය හැදිලා තියනවා.
මේ ආණ්ඩුව ත්රස්තවාදීන්ට සලකන ආකාරයෙන් තමයි උද්ඝෝෂකයන්ටත් ගැහුවේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මාධ්‍යවේදියෙකුට කණ පැලෙන්න ගැහුවා. මේ ජල හා කඳුළු ගෑස්වලට මිශ්‍රකර එල්ල කර විස රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි නියෝජ්‍ය සභාපතිවරයා පළාත් රැස්වීමේදී ප්‍රකාශ කළේය.
නිමල් අල්ගෙවත්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


