හම්බන්තොට විරෝධතාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයන් 34 දෙනෙකු අද හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා භික්ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුට එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලදී. අනික් 24දෙනා මෙම මස (30දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.