හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට, මෙහෙයුම් කිරිමට අදාළව චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමට අද (29දා) අත්සන් තැබිණ. චින රජයට අයත් චයිනා මර්චන්ට් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරය අතර මෙම ගිවිසුම අත්සන් තැබිණ.
වරාය බදු ගැනීම වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1ක් 2017 හා 2018 අතර කාලසීමාවේදී ලබාදීමට නියමිතය. ගිවිසුමේ කාලසීමාව වසර 99කි. හම්බන්තොට වරාය චීන ආධාර යටතේ ඉදිකළ අතර ඒ සඳහා ඩොලර් බිලියන 1.5ක මුදලක් වැය විය.
ගිවිසුම අත්සන් කිරිමේ අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, ජාත්‍යන්තර වෙළඳ හා උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවීර යන මහත්වරු මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති ඇතුළු චීන රජයේ පිරිසක් එක්වූහ.