අද (25දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති හම්බන්තොට වරාය ගිවිසුමේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.
පිටු 120කින් යුක්ත එම ලේඛනය කිසිදු ඇමතිවරයෙකු කියවා නොමැති බවත්, මුලින් ඉදිරිපත් කළ ගිවිසුමේ සංශෝධන සිදුකරන බවට ආණ්ඩුව රටට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
හම්බන්තොට වරාය පවරාදීමේ ගනුදෙනුවේ මූලික කරුණුවල කිසිදු වෙනසක් සිදුකර නොමැති බවත්, දේපොළ තක්සේරු කිරීමේ ක්‍රමව්දය රටට හානිදායක බවත්, කුණුකොල්ලයට ඉඩම් ලබාදීමට ගිවිසුම මගින් ඉඩ ලබාදී ඇති බවත් ඒමහතා ප්‍රකාශ කළේය.
ඉඩම් පවරන චීන සමාගම හඳුනා ගැනීම සඳහා විනිවිධ ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැති බවත්, මහින්ද සමරසිංහ මහතා වරාය ඇමතිවරයා බවට පත්කළේ මෙම ගිවිසුම සාර්ථක කර ගැනීමට බවත් ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළකළේය.