හම්බන්තොට වරාය බදුදීමේ ගිවිසුම 25 දා කැබිනෙට්ටුවට
- 23 07 2017
- 18:53
- {{hitsCtrl.values.hits}} views
- . .
හම්බන්තොට වරාය චයින් මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුම අනිද්දා (25දා) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව වරයා ගිවිසුමට මේ මස 29 දා අත්සන් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයිද සඳහන් වෙයි. හම්බන්තොට වරාය බදුදීමේදී සමාගම් දෙකක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.
එහි පාලනය වරාය අධිකාරියටද, ව්‍යාපාර මෙහෙයුම් පාලනය චයින් මර්චන්ට් සමාගමටද පැවැරීමට යෝජනා වී තිබේ. වරාය බදු දීමේ කාලය වසර 80ක් වන අතර එමගින් ඇමෙරිකානු ඩොලර් බිලියනක මුදලක් ලබා ගැනීමට අපෙක්ෂා කරයි.
සමාගමේ කොටස්වලින් 80%ක් චයිනා මර්චන්ට් සමාගමට 20% ශ්‍රී ලංකා වරාය අධිකාරියටද පැවැරීමට තිරණය කර ඇති අතර අවශ්‍යනම් වරාය අධිකාරියේ කොටස තවත් 10%කින් ඉහළ නංවා ගැනීමට අවස්ථාව තිබේ.
අජන්ත කුමාර අඟලකඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

