හම්බන්තොට වරාය බදු ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර චීන සමාගමට රජය පොරොන්දු වූ පරිදි වසර 25 ක කාලයක් සඳහා පූර්ණ බදු නිදහස ප්‍රකාශයට පත් කරන ලෙස අදාළ සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඒසම්බන්ධව මූලික අවබෝධතා ලියැවිල්ලේ අඩංගු කොන්දේසි ප්‍රකාරවය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, වරාය අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරිය එම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තබා තිබේ. මේ බදු සහන ප්‍රතිඥාව ලබාදී ඇත්තේ එමගිනි.
එම බදු සහන ප්‍රකාශ කරන තුරු ගිවිසුම ප්‍රකාරව වරායේ වාණිජ කටයුතු ආරම්භ කළ නොහැකි බවද ඔවුන් දැනුම් දී ඇතැයි ද සඳහන්ය.
සංජීවිකා සමරතුංග (ඉරිදා දේශය ඇසුරෙනි)