හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම අනුමත නොකරන බවත්, මේ හේතුවෙන් 27 වැනිදා සිට එයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවත් වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.
මෙම ක්‍රියාමාර්ගවලට අනුව 27 වැනිදා වරාය සේවකයන් එක්ව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.
28 වැනිදා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බවත්, ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර අනුව අඛණ්ඩ වැඩවර්ජනයක් වරාය තුළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.