හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමට අදාළ ගිවිසුමට අද (25දා) කැබිනට් අනුමැතිය ලැබුණ බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය. කොළඹදී අද (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ගිවිසුම හෙට (26දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිකුරාදා දිනයේදී විවාදයට ගන්නා බවයි.