හම්බන්තොට ගිවිසුම ඕනෑම අවස්ථාවකදි වෙනස් කරන්න පුළුවන්
හම්බන්තොට වරාය චීන සමාගමට බඳු දීම සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමේ සඳහන් වගන්තියක් ඕනෑම අවස්ථාවකදි එකඟවන කොන්දේසි මත වෙනස් කළ හැකි බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ගිවිසුමට අලුතෙන්ම මෙම කරුණ ඉදිරිපත් කළ බව ඔහු පැවැසුවේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ජනාධිපතිතුමා යෝජනා කළා මේ පත්‍රිකාවට අනුමැතිය දෙන කොට අපි ඉදිරියේදි අපි සංශෝධන කරන්න. බලාපොරොත්තුවෙනවා නම් ඒ සංශෝධන කරන්න හැකියාව ලබාගෙන තමයි අපි මේ පත්‍රකාවට අනුමැතිය ලබාදෙන්නේ කියලා.
58 වැනි පරිච්ඡේදයේ අපි අලුත් වගන්තියක් දාලා තියෙනවා. ජනාධිපතිතුමාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.
මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ඕනෑම අවස්ථාවකදී එකඟවන කොන්දේසි මත පදනම්ව ගිවිසුමේ ඕනෑම වග්තියක් සංශෝධනය කළ හැක.” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

