හම්බන්තොට වරයා බදු ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය සමග අවසන් එකඟතාවකට යොමුවූ බව චීනයේ චයිනා මර්චන්ට් සමාගම නිවේදනය කරයි. වරාය බදු ගන්නේ වසර 99කට බවත් එහි වටිනාකම ඩොලර් බිලියන 1.12ක් බවත් එම සමාගම 25 දා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අත්සන් කිරීමට නියමිතේ ගිවිසුම සඳහා චයිනා මර්චන්ට් සමාගම, ශ්‍රී ලංකා රජය, හම්බන්තොට වරාය ජාත්‍යන්තර සමාගම, හම්බන්තොට වරාය ජාත්‍යන්තර සේවා සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන පාර්ශ්ව හතර ගිවිසුම සඳහා එකඟ වූ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ හරහා වරාය සංවර්ධනය, කළමනාකරණය හා මෙහෙයුම් පිළිබඳව අවසන් එකඟතාවකයට පැමිණ තිබේ. චයිනා මර්චන්ට් සමාගම චීන රජයට අයිති සමාගමකි.