හම්බන්තොට ආදායම මිලියන 7119 පාඩුව මිලියන 51 530
හම්බන්තොට වරාය මේ දක්වා ලබා ඇති සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 7119 ක් වන අතර, එහි සමස්ත පාඩුව රුපියල් මිලියන 51,530 ක් වන බවට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දෙයි.
අග්රාමාත්යවරයා සඳහන් කර සිටින්නේ හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා අවස්ථා 05කදී ණය ලබා ගෙන ඇති බවයි.
ඒ අනුව සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1262 ක ණය ප්රමාණයක් ලබාගෙන ඇති බවත්, දැනට ගෙවා ඇති සම්පූර්ණ ණය වාරික හා පොලී මුදල්වල එකතුව රුපියල් මිලියන 40,813 ක් වන බවත් ඔහු පවසා සිටියි.
අග්රාමාත්යවරයා මෙම කරුණු සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්රශ්න ඇසීමේ වාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කරන ලද ප්රශ්නවලට පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පිළිතුරු ලබාදෙමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

