හම්බන්තොට වරාය නැවතත් ජනතාවට ලබාදෙනවා
හම්බන්තොට වරාය මහජන දේපළක් බවත් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. එසේම වරායේ අයිතිය නැවත ජනතාවට ලබාදී මිසක් නවතින්නේ නොමැති බවත් ඔහු පවසයි.
ඉරිදා ලංකාදීප පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
කොළඹ වරායට එන නැව්වලින් සියයට 89ක්ම ප්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණු කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව හම්බන්තාට බදු ගත් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද ඔහු පැවැසීය.
ඉතිහාසය පුරාම දුෂණයට විරුද්ධව සටන් කළ තමා ඒ මගින් රුපියල් බිලියන දාහකට වඩා ජනතාවට යළි අත්පත් කර දුන් බව කී ඇමැතිවරයා ශ්‍රී ලංගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්රෝ ගෑස් සමාගම ආදී ජනතාව සතු සම්පත් යළිත් ජනතාවටම දිනා දීමට තමාට හැකි වූ බව ද කීවේය.
දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප්‍රශ්නයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

