මහනුවර හන්තානේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ ධර්ම පුස්තකාල මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් ඇතුළුවී එහි තිබූ ගොඩනැගිලි විනාශ කර ඒවා බිමට සමතලා කර දින 16ක් ගතවුවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ පොලීසිය අපොහොසත්වී ඇතැයි උඩරට අමරපුර මහා නිකායේ භික්ෂූන් වහන්සේ චෝදනා කරති.
උඩරට අමරපුර නිකායේ මහානායක අතිපූජ්යනුවරඑළියේ චන්ද්‍රජෝති නාහිමි ඇතුළු මහ සංඝරත්නය අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමට පසුගියදා ගිය අතර, එහිදී මහනාහිමි ප්රමුඛ මහ සංඝරත්නය අදාළ චෝදනාව මහනුවර පොලීසිය වෙත එල්ල කළහ.
සංවිධානාත්මක පිරිසක් ඉකුත් 14 වෙනිදා මහ දවල් අදාළ ස්ථානයට ඇතුළුවී එහි තිබූ ගොඩනැගිලි තුනක් කඩා බිඳදමා ඇති අතර, එහි තිබූ විශාල බුද්ධ ප්රතිමාවක්ද රැගෙන ගොස් තිබෙන බවටද උන්වහන්සේලා චෝදනා කරති.
මහනාහිමි ප්රමුඛ මහා සංඝරත්නය අදාළ ස්ථානය නිරීක්ෂණය කරමින් සිටියදී මහනුවර පොලීසියේ කණ්ඩායමක් එහි පැමිණි අතර, එහිදී උඩරට අමරපුර මහා නිකායේ මහනාහිමියන්පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටියේ පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු ඇමතුමක් මත පොලීසිය එහි පැමිණයද, භාවනා මධ්‍යස්ථාන ගොඩනැගිලි කඩා බිඳ දමන අවස්ථාවේ ක්‍රියාත්මක නොවූ පොලීසිය මෙම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වීම තුළින් පෙනී යන්නේ වරදකරුවන් රකින්නට පොලීසිය කටයුතු කරන බව යැයිද මහනාහිමියන් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියහ.