අම්බලන්තොට නගරයේ වෙළෙඳසැලක තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ අද (29දා) දහවල් ඇතිවූ ගින්නකින් ගොඩනැගිල්ලට ආලාභ හානි සිදුවී ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.
අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් දුමක් යන බවට ඒ අසල සිටි පුද්ගලයෙකු විසින් දැක, ඒ බව වෙළෙඳසැලේ හිමිකරුට දැනුම්දී තිබේ. අනතුරුව එම ස්ථානයට එකතුවූ පිරිස් විසින් මහත් පරිශ්රමයක් දරා ගින්න නිවා දැමීමට කටයුතු කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රෙදි සෝදන යන්ත්රයකින් හටගත් විදුලි කාන්දුවක් ගින්නට හේතුව වී ඇති බවට පොලීසිය සැකපළ කරයි..
ගින්නෙන් සිදු වූ අලාභ හානිය පිළිබඳ මෙතෙක් ගණනය කර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.