නියාමක නිලධාරීන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකිරීමට විරෝධය පා අද (01දා) සවස 4.00 සිට දුම්රිය වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කරන බව දුම්රිය නියාමක නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව අද සවස 4.00 කොටුවේ සිට ත්‍රිකුණාමලය හා මඩකලපුව බලා ධාවනය වන දුම්රියන්වලින් නියාමක නිලධාරීන් ඉවත්වන බවද එම සංගමයේ ලේකම් පී.එම්.පී. පීරිස් මහතා සඳහන් කළේය.
හෙට (02දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට සියලුම දුම්රිය සේවාවලින් ඉවත් වන බවද පවසා සිටියේය.
අද සවස 4.00 පසු මඩකලපුව හා ත්‍රිකුණාමලය ප්‍ර‘දේශයෙන් පැමිණීමට නියමිත දුම්රියන්වලිනුත් සේවයෙන් ඉවත්වන බවද ලේකම්වරයා අවධාරණය කළේය.