හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (21දා) හම්බන්තොට නගරයේදී වීදියේ විරෝධය වැඩසටහනට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවිය.
අද (22දා) ඔහු හම්බන්තොට පොලීසියට බාර වීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා පැවැසීය.
තවත් සිවු දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සොයන බවද ඔහු කීවේය.