යෝජිත ව්‍යවස්ථා කමිටු වාර්තා ක්‍රියාත්මක කළහොත් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රතිලාභ සැමට සමසේ නොලැබී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා යෝජිත ව්‍යවස්ථා කමිටුවේ සඳහන් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීම පළාත්සභාවලට පැවරීමට සිදුකළ යෝජනා ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
13 වන ව්‍යවස්ථා සංශෝධනයේදී පවා සෞඛ්‍ය සේවා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ජාතික ප්රතිපත්තියකට අනුව සිදුවන බවත්, එහෙත් දැනට සිදුකර තිබෙනා යෝජනාවට අනුව පළාත් 09 ට ප්‍රතිපත්ති 09ක් සකස් කර ඒ අනුව කටයුත්තු කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙන බවද අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මේ හරහා ගුණාත්මක සේවාවක් ලබාගැනීමේ අවස්ථාව ජනතාවට අහිමිවන නිසා ලබන සතියේ සිට අත්පත්‍රිකා බෙදා හරිමින්, සම්මන්ත්රණ හා සාකච්ඡා පවත්වමින් මෙම අනතුර පිළිබඳව ජනතාව දැනුවත් කරන බවද ඒ මහතා කියා සිටියේය.