සෞඛ්‍ය වෘත්තීයවේදීන් පැය 24ක වර්ජනයකට
දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයකට අත්තනෝමතිකව වැටුප් ඉහළ දැමීම නිසා සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් 20කට වැටුප් විෂමතාවයක් ඇති වී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
මේ නිසා දුම්රිය සේවාවට ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා මේ මස 22 වැනි දින පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
මානුෂීය හේතුන් මත ළමා රෝහල්, කාන්තා රෝහල්, වකුගඩු හා පිළිකා රෝහල්, මධ්‍යම ලේ බැංකුව තුළ මෙම වර්ජනය එදිනට ක්‍රියාත්මක නොකරන බවද අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
මෙම වර්ජනය සඳහා පරිපූරක අතුරු වෛද්‍ය හා රජයේ ලියාපදිංචි සහකාර වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහභාගි වන බවද හෙතෙම පවසා සිටියේය.
මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුනහොත් අඛණ්ඩව වැඩ වර්ජනයක් සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

