සෞඛ්‍යයට අහිතකර නිශ්පාදන ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්
ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඉදිරියේ දී දැඩිව කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (12දා) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමනට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
විවිධ සමාගම් විසින් වෙළෙඳ පොළට නිකුත් කරන කිරි පැකට්වල අන්තර්ගත සීනි ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සහ පසුගිය අයවැයෙන් තීන්දු කළ පැනි බීම බද්ධ ඊට අදාළව කි‍්‍රයාත්මක වීමේ අවශ්‍ය බවද පෙන්වීය.
පා ගමනින් ගාලු මුවදොර පිටියට පැමිණි ජනාධිපතිතුමා එහි සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරමින්, එය නැරඹීමට ද එක් විය. ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් ප්‍රධාන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
දියවැඩියා මාසයක් නම් කර දිවයින පුරා සියලු රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩවල සහභාගිත්වයෙන් එම මාසය තුළ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


