වර්ජනයේ නිරත විදුලි බල මණ්ඩල සේවකයන් රාජකාරියට ගෙන්වා ගැනීමට බලපෑම් කරන පාලන අධිකාරිය සේවයට වාර්තා කරන ලෙස එස්.එම්.එස්. පණිවිඩ හා විදුලි පණිවිඩ එවන තත්ත්වයට අසරණ වී සිටින බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.
එහෙත් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් වර්ජනය නතර කිරීමට සූදානම් නොමැති බවත්, මේ වනවිට ගණනය කළ නොහැකි ආකාරයට විදුලි බිඳ වැටීම් වාර්තා වී තිබෙන බවද කාර්යාල සේවක සංගමයේ සභාපති එම්.පී.වීරසිංහ මහතා සඳහන් කළේය.
සමස්තයක් ලෙස විදුලි බල මණ්ඩල සේවකයන්ගෙන් 99෴ ක් මේ වනවිට වර්ජනයට එක්වී සිටින බවත්, අද (18දා) දිනය තුළදී පාලන මැදිරි ක්රියාකරුවන්ගේ සංගමයේ සභාපති හා ලේකම් හැර අනෙකුත් සාමාජිකයන් වර්ජනයට එක් වූ බවද ඔහු පවසා සිටියේය.