විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලා සිටී.
උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳව වඩා සැලකිලිමත් වියයුතු බැවින් සිය මානුෂීය අවධානය වගකීමෙන් ඉටුකරන ලෙස ද ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලයි.
වර්ජනයට එක්වූවන්ගේ විසඳී නැති ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකි බව ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (11දා) නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.