(UPDATE)
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ. ඒ අනුව අධිකරණය වරෙන්තුව නැවත කැඳවීමට කටයුතු කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාට විරෝධය දක්වමින් මහ ජනතාවට පීඩා ගෙනෙන අයුරින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විභාග වන නඩුව අද (18දා) කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටියේය.