ශ්‍රී ලංකාවට ඉහළින් වර්ධනය වී ඇත්තේ ගැඹුරු අවපීඩන තත්ත්වයක් බවත්, කුලාල් නම් සුළි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජජාල ඔස්සේ පැතිරෙන කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම ගැඹුරු අවපීඩන තත්ත්වය නිසා තද සුළං හැමුවත්, එය තවමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නොමැති බවයි.
එසේ සුළි කුණාටුවක් දක්වා එහි වර්ධනය වීමක් සිදු වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව මහජනයා දැනුම්වත් කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම නිසා සමාජජාල ඔස්සෙ පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, මේ වනවිට වර්ධනය වී තිබෙන ගැඹුරු පීඩන අවපාතය නිසා තද සුළං සහ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත්, මුහුදු බඩ ප්‍රදේශවල පැයට කි.මී. 100කට වැඩි වේගයකින්ද, ගොඩබිම් ප්‍රදේශවල පැයට කි.මී. 80කට ආසන්න වේගයක සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.