අලුත් අවුරුදු සමයේදී සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ විවිධ වැරදි සම්බන්ධ සිදුවීම් 3555ක් වාර්තා වූ බවත්, ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළදී නඩු පැවරීමට කටයුතු කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී වැඩිම සිදුවීම් ගණනක් වාර්තා වෙන්නේ නීති විරෝධී ලෙස සීමාව ඉක්මවා මත්පැන් සතුව සිටීම/ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වේ. එය 1786කි.
පසුගිය 09දා සිට 15දා දක්වා මෙම වැටලීම් සිදුකළ අතර, ප්‍රධාන කාණ්ඩ හතරක් යටත් මෙම සිදුවීම් වර්ග කර තිබේ. ඒ සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ, දුම්කොළ අපරාධ හා සුරාබදු බලපත්‍ර ලත් ස්ථානවල අක්‍රමිකතා යනුවෙනි.