සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍රලත් ස්ථාන ආශ්රිත අක්‍රමිකතා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ අධීක්ෂණ වැඩසටහනක් සංවිධානය කර ඇතැයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
පසුගිය 09 වැනිදා ආරම්භ කළ මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන ලබන15වැනිදා දක්වා පැවැත්වෙන බවත්, එහිදී දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍රලත් ස්ථාන අඛණ්ඩ අධීක්ෂණයට ලක්කරන බවත් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කරයි.
සුරාබදු අපරාධ සිදුකෙරෙන ස්ථාන වැටලීමේදී මහජන පැමිණිලි හා තොරතුරු යොදාගන්නා ලෙසත්, එම සුරා අපරාධ ග්‍රහණය කර වැරදිකරුවන් නීතිය හමුවට යොමුකරන ලෙසත් සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍රලත් ස්ථාන ආශ්රිත අක්‍රමිකතා දුරකථන අංක 0112 045 077,ෆැක්ස් අංක0112 877 882 සහ[email protected] යන විද්‍යුත් ලිපිනයට ලබාදිය හැකි බවද ඔහු කීය.
මේ පිළිබඳ වැඩිදුර විස්තර 0113888 032/0772602 842යන දුරකථන අංක, 0112 877 895 යනෆැක්ස් අංකයෙන්හෝ [email protected]යන විද්‍යුත් ලිපිනයෙන් දැනගත හැකි බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කරයි.