‘සුරක්ෂා’ රක්ෂණයට පිළිකා හා වකුගඩු ඇතුළු සියලු රෝග ඇතුළත් කරයි
‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණය මගින් මෙතෙක් රක්ෂණ ප්රතිලාභ ලැබුණු නම්කළ රෝගාබාධවලට අමතරව පිළිකා, වකුගඩු ඇතුළු සියලු රෝග සඳහාද ප්රතිලාභ ලබාදීමට තීරණය කර තිබේ.
මෙම රක්ෂණාවරණය මගින් සිසු දරුවන් සඳහා ප්‍රතිපාදන ලබාගැනීමේ අවස්ථා ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකඟ වී ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාවට නැංවෙන ‘සුරක්ෂා’ සිසු රක්ෂණ වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පාසල් 11,242ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්ෂ 45කට ආසන්න පිරිසක් සෞඛ්‍ය රක්ෂණාවරණයකට හිමිකම් ලබයි.
අමාත්‍යවරයාගේ උපදෙස් මත සියලු පාසල් සිසුන් වෙත ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණයට අදාළ රක්ෂණ කාඩ්පත ලබාදීමේ කටයුතුද කඩිනම් කර තිබේ.
සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ සම්බන්ධව වැඩිදුර විස්තර 0112- 357357 හෝ 0113-641555 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගැනීමට හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


