නැසීගිය සංගීතවේදී සුනිල් සාන්ත කලාකරුවාණන්ගේ එකම දියණිය කලා සාන්තා මෙනවිය අභාවප්‍රාප්ත විය. වෘත්තීය පශු වෛද්‍යවරියක වූ ඇය මියයන විට 56 වෙනි වියෝ පසුවූවාය.
කලක් පින්නවල අලි අනාථාගාරයේ සේවය නියුතුවූ ඇය සතුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ සත්ත්වවේදිනියක මෙන්ම ලේඛිකාවකි.
අද (16දා) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා බොරැල්ලේ ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති ඇගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ජාඇල දෙහියගාත පොදු සුසාන භූමියේදී අද සන්ධ්‍යාවේදී සිදුකිරීමට නියමිතය.
පද්මකුමා පී.මෙත්තසේන