රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය තුළ සීනි කන්ටේනරයක තිබී කොකෙන් කිලෝ 218ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව එම කන්ටේනර් වරායේදී පරීක්ෂා කළ රේගු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු, රේගු අධිකාරිවරයෙකු හා සහකාර රේගු අධිකාරීවරයෙකු මෙසේ අද (21දා) මාරු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හෙට දිනයේදි විශේෂ පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිතය. ඔවුන් පරිපාලන අංශයට මාරු කර ඇත්තේ රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ නියෝගයක් අනුවය.