සිසුවෙකුට පහරදුන්නැයි විදුහල්පති රිමාන්ඩ්
කොණ්ඩය නොකැපීම සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකුට පහරදීමක් සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් කළ දැනුම්දීමක් මත සහ දරුවාගේ පියාගේ පැමිණිල්ලකින් පසු පොලිස් අත්අඩංගුවට ගැණුන ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පතිවරයා මේ මස 07දා තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට මොරවක වැඩබලන මහේස්ත්‍රාත් සී.එස්. දිසානායක මහතා ඊයේ (02දා) සවස නියෝග කළේය.
එම පාසලේ 11වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවෙකු කොණ්ඩය නොකපා පැමිණීම සම්බන්ධයෙන් ශාරීරිකව දඬුවම් දීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණි. විදුහල්පතිවරයාගේ දඬුවමට ලක්වූ ශිෂ්‍යයාට පාසලේ දී වමනය යාම සහ ක්ලාන්තය ඇති වීමෙන් ඔහු ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කර ඇති සිසුවා නිසියාකාරව කොණ්ඩය කපා නැතැයි ඊයේ (02) පාසලේ උදෑසන රැස්වීමේ දී ඔහුට විදුහල්පතිවරයා විසින් පහරදී, පසුව නැවත අවස්ථා කිහිපයකදීම පහර දී ඇති බවට ඌරුබොක්ක පොලිසියට දරුවාගේ පියා විසින් පැමිණිලි කර ඇතිබව පොලීසිය අධිකරණය දැන්වීය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ. නානායක්කාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

