ඌව පළාත් සභා මැතිවරණයේදී මොණරාගල දිස්ත්රික්කයේ 73% ක් ඡන්දය ප්රකාශ කර ඇතැයි මොණරාගල තේරීම් භාර නිලධාරී කාර්යාලය පවසයි.
මේ අතර, බදුල්ල දිස්ත්රික්කයේ 71.61% ක් ඡන්දය ප්රකාශ කර ඇතැයි බදුල්ල තේරීම් භාර නිලධාරී කාර්යාලය පවසයි.
අද සවස 4.00 ට මැතිවරණය අවසන් වනවිට මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසා සිටියේ 60% ඉක්මවූ ඡන්ද ප්රකාශ කිරීමක් ඌව මැතිවරණයෙන් වාර්තා වූ බවයි.
එමෙන්ම, මැතිවරණ දිනයේ ප්රචණ්ඩ ක්රියා පිළිබඳවද මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දී තිබුණ. කෙසේ වෙතත්, මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබුනේ සමස්තයක් ලෙස ඌව පළාත් සභා මැතිවරණය සාමකාමී වටපිටාවක පැවති බවයි.