බම්බලපිටිය දුම්රියපොළ ආසන්නයේදී මුහුදට පැන සියදිවි නසාගැනීමට තැත්කළ තරුණියකගේ දිවි බේරාගැනීමට ඒ අවට සිටි පුද්ගලයන් සමත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
21 හැවිරිදි තරුණිය බේරාගැනීමේ පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. අද (15දා) පෙරවරුවේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර ඇය ගොතටුව, අංගොඩ ප්රදේශයේ පදිංචිකාරියක බවට තොරතුරු අනාවරණය වී තිබේ.
සියදිවි නසාගැනීමට හේතුව නිවසේ ඇති වූ ආරවුලක් බවද පොලීසිය පවසයි.