ලෝකයේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙයි.
එම වාර්තාවට අනුව, සෑම තත්ත්පර 40දීම ලෝකයේ යම් පුද්ගලයෙකු සියදිවි නසා ගන්නා බව හෙළි වී තිබේ.
සියදිවි නසාගැනීමෙන් ප්‍රථම ස්ථානය ගෙන ඇත්තේ ගයානාවයි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙවැනි සහ තෙවැනි ස්ථානයේ පසුවෙයි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට 28.9ක පිරිසක් සියදිවි හානි කර ගන්නා බව පැවසෙයි.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සියදිවි හානි කරගැනීමේ අවස්ථා සවිස්තරාත්මකව වාර්තා කිරීම මගින් පුද්ගලයන් එවැනි සිද්ධි අනුකරණය කිරීමේ ප්‍රවණතාව වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහිදී අවධාරණය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට සියදිවි නසා ගැනීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවයි. වස පානය කිරීම, ගෙල වැළලා ගැනීම, වෙඩි තබා ගැනීම සහ උස් ගොඩනැගිලි සහ කඳු මුදුන්වලින් පැනීම සියදිවි හානි කරගැනීමට යොදා ගන්නා සුලබ ක්‍රම ලෙසද එම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.