පවතින වර්ජනය හේතුවෙන් ඛනිජතෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගන්නා ඉන්ධන අලෙවි සැල්වලින් 60% වැඩි ප්‍රමාණයක මේ වනවිට ඉන්ධන අවසන් වී තිබෙන බව ඛනිජතෙල් වෘත්තීය එකමුතුව සඳහන් කරයි.
සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ඊයේ (24දා) මධ්‍යම රාත්‍රී 12 සිට මේ වනවිට සපුගස්කන්ද හා මුතුරාජවෙල තෙල් ගබඩාවලින් ඩීසල් මෙට්‍රික්ටොන් 5000ක් ප්‍රෙටරල් මෙට්‍රික්ටොන් 2500ක් හා භූමිතෙල් මෙට්‍රික්ටොන් 200ක් නිකුත්විය යුතු බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
එහෙත් එම කාලය තුළ මෙම ස්ථානවලින් ඉන්ධන ලීටරයක්වත් මුදාහැර නොමැති බවද ඔහු පවසා සිටියේය.