සිංහල බෞද්ධකම විනාශ වීමේ අවදානමක් ආණ්ඩුව සෝන ඇමති වගෙයි - රනිල්
මහා සංඝ රත්නය සහ වෙහෙර විහාරස්ථානවලට එල්ල වී ඇති තර්ජනය හේතුවෙන් පහර වදින්නේ සිංහල බෞද්ධකමට බවත්, මේ තර්ජනය හේතුවෙන් ශාසනය, මහා සංඝරත්නය, වෙහෙර විහාරස්ථාන යන සිංහල බෞද්ධකම විනාශවීමේ අවදානමක් මතුවී තිබෙන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තමන් විසින් රචිත 'කලියුගය' ග්‍රන්ථය සම්බන්ධයෙන් ඊයේ (4දා) කොළඹ, ධර්ම විජය පදනමේ පැවති විද්වත් සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා මෙසේ අදහස් දැක්වීය.
මහා සංඝරත්නය සහ වෙහෙර විහාරස්ථානවලට එල්ල වී ඇති තර්ජනය හේතුවෙන් පහර වදින්නේ සිංහල බෞද්ධකමටයි. මේ තර්ජනය හේතුවෙන් ශාසනය, මහා සංඝරත්නය, වෙහෙර විහාරස්ථාන සහ සිංහල බෞද්ධකම විනාශවීමේ අවදානමක් මතුවී තිබෙනවා.
ශාසනයට, වෙහෙර විහාරස්ථානවලට සහ සිංහල බෞද්ධකමට මේ තර්ජනය එල්ල වී තිබෙන්නේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන නව විහාර දේවලගම් සංශෝධන කෙටුම්පත හේතුවෙනුයි. මේ කෙටුම්පත මගින් වෛතුල්‍යවාදය වපුරනවාද යන ප්‍රශ්නයත් මතුව තිබෙනවා.
ආණ්ඩුව සහ අදාළ බලධාරීන් මේ පනත් කෙටුම්පත මහ නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නයට පිළිගන්වා තිබෙන්නේ, 'නීති කෙටුම්පත් සම්පාදක, කොමසාාරිස් ජෙනරාල්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව' යන මුද්‍රාව යටතේ ලිපියක් මගින් යවා තිබීමෙන් පමණයි. ලිපි කවරයේ ඉහළින් 'අති පූජ්‍ය මහ නාහිමියන්ට භාර දෙන්න' යනුවෙන් සඳහන් කර තිබෙනවා. මේ පනත සම්න්ධයෙන් ආණ්ඩුව මහ නාහිමිවරුන් සමග කර තිබෙන සාකච්ඡාව එපමණයි. ඊට වඩා සාකච්ඡා කර නැහැ. මේ වෛතුල්‍යවාදය නොවේද? මේ ආණ්ඩුව හැසිරෙන්නේ සෝන ඇමතිවරයා එදා හැසිරුණු ආකාරයටයි.
මේ පනත සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් සමග කරුණු සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් සහ අනුශාසනා ගන්නා බව බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා එදා කියා සිටියත් ඔහුටවත් මේ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

