සාරානාත් ධාතූන් ලබාදීම ප්රතික්ෂේප කළේ නෑ
බරණැස් නුවර සාරානාථ මූලගන්ධ කුටි විහාරස්ථානයේ සර්වඥ ධාතූන් වහන්සේලා ශ්රී ලංකාවට වැඩම කරවීම පිණිස ශ්රී ලංකා අග්රාමාත්ය කාර්යාලය විසින් කරන ලද ඉල්ලීම් ඉන්දියානු රජය විසින් කිසිසෙත් ප්රතිකේෂප කර නොමැති බව අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතා ප්රකාශ කරයි.
අග්රාමාත්ය ලේකම්වරයා ප්රකාශ කර සිටියේ 'ටයිමස් ඔෆ් ඉන්ඩියා' පුවත් සේවය විසින් වාර්තා කර තිබූ පුවත තම කාර්යාලය විසින් සිදු කරන ලද ඉල්ලීම පදනම් කර ගනිමින් සිදු වූවක් නොවන බවයි.
ශ්රී ලංකාවේ වෙනත් පාර්ශ්වයක් විසින් සිදු කරන ලද කපිලවස්තුපුර ධාතු වැඩම කරවීම සම්බන්ධයෙන් වූ ඉල්ලීමක් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ප්රතික්ෂේප කර ඇති බවත්, එහෙත් අග්රාමාත්ය කාර්යාලය විසින් වැඩම කරවීමට නියමිත ධාතූන් වහන්සේලා එළැඹෙන 29 වැනිදා සිට මැයි මස 02 වැනිදා දක්වා කොළඹ, බුද්ධ රශ්මි වෙසක් කලාපයේදී ප්රදර්ශනය කිරීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


