සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදිකළහොත් එම බලාගාරයෙන් පරිසරයට එකතුවන අපද්‍රව්‍ය නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු පරිවාර බෝධීන් විනාශයට පත්වීමේ අවදානමක් මතුවනු ඇතැයි පරීක්ෂණයකදී තහවුරුවී තිබෙන බව ජාතික සංඝ සම්මේලනය සඳහන් කරයි.
සාම්පූර් බලාගාරය ඉදිකිරීමෙන් පසු පරිසරයට එකතු වන අපද්‍රව්‍ය සුළං මගින් මුහුදු දෙසට ගමන් කරන බවට මේ වනවිට හුවා දක්වමින් සිටින බවද එම සම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද හිමියෝ අවධාරණය කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ අවධාරණය කළේ,නිරිතදිග මෝසම් සුළං සාම්පූර් බලාගාරය ඉදිකිරීමට යෝජිත පැත්තේ සිට රට මැදට ගලාගෙන පැමිණෙන බවයි.
එසේ තිබියදී සුළං මුහුද දෙසට ගමන් ගන්නා බවටබලධාරීන් හුවා දක්වන බවද උන්වහන්සේසඳහන් කර සිටියහ.
කෙසේ හෝ මෙම බලාගාරය ඉදිකළහොත් එමගින් ඇති කරන අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය මෝසම් සුළං හරහා රටතුළට පැමිණෙන බවත්, ඒ පිළිබඳව සියලුම දෙනා තේරුම් ගත යුතු බවත් අවධාරණය කළහ.
එසේ නොමැතිව මෙම බලාගාරය ඉදිකළහොත් වසර 2500කට වඩා ඉතිහාසයක් ඇති මුළු ලෝකයේම ගෞරවයට පාත්රවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු පරිවාරක බෝධීන් අනතුරකට ලක්වීම වළක්වාගත නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.