දුම්රියට වැඩවර්ජනයක් සිදුකළත්, සාමාන්‍ය ‘පෙළ විභාගය සඳහා දුම්රියෙන් ගමන් ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමට අමතර දුම්රිය කිහිපයක් ධාවනය කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
මේ අනුව මානුෂීය හේතූන් මත කාර්යාල වේලාවන් තුළ ධාවනය කරන දුම්රිය 08ට අමතරව තවත් දුම්රිය කිහිපයක් විභාග ආරම්භ වන කාල සීමාවට පෙර හා විභාගය අවසන් වූ පසු ධාවනය කරන බවද වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. එහෙත් ඉල්ලීම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදුකරන බව එම පිරිස් පෙන්වා දෙති.