උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිසක් අද (28දා) බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.
මෙම ව්‍යපෘතිය හේතුවෙන් පීඩාවට පත් තමන්ට මෙතෙක් සාධාරණ විසඳුමක් නොලැබුණු බව විරෝධතාකරුවෝ සඳහන් කරති.
ඒ අනුව මෙම පිරිස දික්අරාව ප්‍රදේශයෙන් සහ බිඳුණුවැව පීල්ල ප්‍රදේශයෙන් මාර්ගය අවහිර කරමින් මෙසේ විරෝධතාව පැවැත්වූහ.
විශේෂයෙන් ඊයේ (27දා) ඇතිවූ වර්ෂාපතනයත් සමග බණ්ඩාරවෙල දික්අරාව හදිසි ගිලාබැසීමේ තත්ත්වයක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් පවුල් 100ක් පමණ ඉවත් කිරීමටද සිදුවිය.