ඇණ මුරිච්චි වෙනුවට කම්බියක් ගැටගහලා
පානදුර දුම්රිය ස්ථානයේදී සාගරිකා දුම්රියෙන් මැදිරියක් වෙන්වි තිබුණේ කම්බි කැබල්ලකින් එය ඇද තිබීම නිසා බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා පැවසීය.
සාමාන්‍යයෙන් දුම්රිය මැදිරියක් නඩත්තු කටයුත්තකට ගැලවීමෙන් පසු ඇණ මුරිච්චි යොදා සවිකළ යුතු වුවද සාගරිකා දුම්රියේ ගැලවී තිබුණු මැදිරිය සවි කිරීමේදී සේවකයන් නියමිත පරිදි කටයුතු කර නැතැයි සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මේ අයුරින් කම්බි කැබැල්ලකින් දුම්රිය මැදිරියක් ඇද තිබීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සතියකින් වාර්තාවක් ලබාදෙන්නැයි අදාළ අංශවලට නියෝග කළ බවද ඔහු කීහ.ඉන්දීය බලවේග කට්ටල සහිත දුම්රියකින් මැදිරියක් ගැලවී තිබුණේ ප්‍රථම වරට බවද හෙතෙම පවසා සිටියේය.