දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර, අද (13දා) උදෑසන 11.00ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවේදී ගැටලුවලට විසඳුම ලැබී සවස 2.00 පමණ වන විට දුම්රිය සේවකයන් සේවයට වාර්තා කළහොත් හෙට උදේ වන විට සමස්ත දුම්රිය සේවයම යථා තත්ත්වයට පත් කළහැකි බවද වෘත්තීය සමිති සඳහන් කරයි.
වර්ජනය සිදුකිරීමට මූලික වූ ගැටලුවලට අමතරව දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස හා සේවය අතහැර ගියා සේ සලකා නිකුත් කර තිබෙනා ලිපි අඩංගු කරන ලෙසටත් කමිටුවෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර තිබේ.
අදාළ සාකච්ඡාව කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ අමාත්‍යාංශය තුළදී පැවැත්වේ.