ස්වභාවික ආපදාවෙන් මියගිය ධීවරයින්ගේ යැපෙන්නන්ට වන්දි
ධීවර රැකියාවේ නිරත ව සිටියදී ස්වභාවික ආපදා හේතුවෙන් මියගිය ධීවර කාර්මිකයන්ගේ උරුමකරුවන් සඳහා වන්දි ප්රදානය කිරීහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් සිදු කෙරිණි.
ආපදා හේතුවෙන් මියගිය ධීවර කාර්මිකයන්ගේ පවුල්වල උරුමකරුවන් සඳහා වන්දි ප්‍රදානයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
පුත්තලම දළුව ප්‍රදේශයේදී පැවති සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ 39 වැනි වාර්ෂික මහා සම්මේලනයේ දී මෙම වන්දි ප්රදානය සිදු කෙරිණි. මෙහිදී ස්වභාවික ආපදා හේතුවෙන් මියගිය ධීවර කාර්මිකයන් තිදෙනෙකුගේ උරුමකරුවන් 12 දෙනෙකුට වන්දි මුදල් හිමි විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් . එම්.එම්. අධිකාරි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ්, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
