ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් අද (30දා) රාත්රී 9.00 සිට දෙසැම්බර් 04 වැනිදා උදෑසන 5.00 දක්වා කාලය තුළදී ග්රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දියේ සිට ඔරුතොට වත්ත හන්දිය දක්වා වූ %ස්ටෙස්^ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.
මේ අනුව වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.
මේ අනුව,
ඔරුගොඩවත්ත හන්දිය දෙස සිට පැමිණෙන සියලුම වාහන හා බස් රථ ඔරුගොඩවත්ත හන්දියේ සිට කොස්ගස් හන්දියට ධාවනය කරවීමට හැකි අත,ර කොස්ගස් හන්දිය සිට ඔරුගොඩවත්ත දෙසට කිසිදු වාහනයක් ඇතුළු කිරීමට නොහැකිය.
කොස්ගස් හන්දියෙන් ඔරුගොඩවත්ත දෙසට ගමන් කරන සියලුම වාහන හා බස් රථ කොස්ගස් හන්දියෙන් හරවා ග්රෑන්ඩ්පාස් පාර ඔස්සේ බබාපුල්ලේ හන්දියට පැමිණ බබාපුල්ල මාර්ගයෙන් කෙත්තාරාම දෙසට ධාවනය කර බෝධිරාජ මාවත ඔස්සේ සහ සද්ධර්ම මාවත ඔස්සේ බේස්ලයින් මාර්ගයට පැමිණ ඔරුගොඩවත්ත හන්දියට ළඟා වීමට හැකිය.