ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කරමින් බහුතර ඡන්දදායකයන් විසින් ඊයේ (18දා) පැවති ජනමත විචාරණයේදී ලබාදුන් ඡන්ද ප්‍රතිඵලය පිළිගනිමින් ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මන්ඩ් පරාජය භාරගෙන තිබේ.
“ජනමත විචාරණයේ ප්‍රතිඵලය මෙන්ම ඒ ක්‍රියාවලිය මා විසින් පිළිගන්නා අතර, මේ අවස්ථාවේදී අප ස්වාධීන රාජ්‍යයක් නොවිය යුතු යැයි බහුතර ජනතාව තීරණය කොට ඇති බව පැවසීම වැදගත් වෙනවා.”
“ජනතාවගේ තීරණය මා පිළිගන්නවා. ඒ නිසා, ප්රජාතන්ත්රවාදී ප්‍රතිඵලය පිළිගන්නා ලෙස මා සියලුම ස්කොට්ලන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.” යැයි මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීමටත් පෙර ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේය.
මන්ත්‍රණ සභා 32න් දැනට ප්‍රකාශයට පත්ව ඇති ප්‍රතිඵල අනුව මන්ත්‍රණ සභා 31ක ජයග්‍රහණය ‘NO’ වෙත හිමිව තිබේ.
දැනට ප්‍රකාශිත සමස්ත ප්‍රතිඵලය
ඡන්ද ප්‍රතිශතය (%)
NO 1,914,187 55.42
YES 1,539,920 44.58
ජයග්‍රහණය සඳහා ජාතික වශයෙන් 1,852,828 ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වූ අතර, මේ වනවිටත් එම අගය ඉක්මවා යමින් ඡන්ද 1,914,187 ක් (55.42%) 'NO' කණ්ඩායමට හිමිව තිබේ.