සහාය මහින්දටද මෛත්‍රීටද මුස්ලිම් කොංග්‍රසය දෙකඩ වෙයි?
මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ බෙදීමක් පවතින බව 'අද' පුවත්පතට වාර්තා වේ.
ජනාධිපතිවරණය පිළිබඳව පක්ෂය ගන්නා වූ ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (09දා) රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවේදී එක් පාර්ශ්වයක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බවත්, තවත් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දිය යුතු බවත් ප්‍රකාශ කිරීම හේතුවෙන් එම සාකච්ඡාව දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බවද වාර්තා විය.
පක්ෂ අභ්‍යන්තරය තුළ මතුවී තිබෙන මෙම මතගැටුම හේතුවෙන් ජනාධිපතිවරණයේදී සහාය දැක්විය යුත්තේ කවර අපේක්ෂකයාටදැයි යන්න තීරණය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් හා පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් ඇතුළු උත්තරීතර මණ්ඩලයේ නියෝජිතයෝ ඊයේ (09දා) පැවැති මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

