ශ්රී ලංකාවේ දැනට පවතින සහල් අර්බුදය විසඳීමට ජනපති මෛත්රීපාල සිරිසෙන මහතා මැදිහත්විය යුතු බවත් ඒ හරහා පාරිභෝගිකයාට යම් සහනයක් දීමට කටයුතු කරන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
ජනපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් පවසන්නේ සහල් ගැටලුළුවට වගකිව යුතු පාර්ශ්ව දෙපිළකට බෙදී එකිනෙකා විවේචනය කරමින් සිටින බවයි. සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නත් තවමත් සහල් ශ්රී ලංකාවට ආනයනය කර නොමැති බවත් ශ්රී ලංකාවේ සහල් මිල අධික ලෙස වැඩිවීමට ඉඩදී කිසියම් පිරිසක් අධික ලාභයක් ලැබීමට සූදානමින් සිටින බවත් ජනපතිවරයාට ඔවුන් යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.