හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද (30දා) ශරීර ඇප පහක් මත නිදහස් කරනු ලැබීය. රුපියල් ලක්ෂ 96ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබිය.
එසේම එළැඹෙන ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසත් අත්තනගල්ල මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය මන්ත්‍රීවරයාට ඇප ලබාදෙමින් සඳහන් කළාය.
රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත ඔහු නිදහස් කරනු ලැබීය. ඒ සඳහා සමීපතම ඥාතීන් දෙදෙනෙක්, රජයේ සේවකයෙක්, හා තවත් දෙදෙනෙක් අත්සන් කරනු ලැබූහ.
එසේම සෑම මසකම අවසාන ඉරිදා උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත් නියම කළේය. නැවතත් එළැඹෙන ජුනි මස 24දා නඩුව කැඳවීමට නියමිතය.
.jpg)
මීරිගම කාන්ති/ වරකාපොළ රංගන රුවන්