සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් කොතලාවල පිඨයට ඇතුළත් කළ පසු ඔවුන්ගේ සායනික පුහුණුවට රජයේ රෝහල් පමණක් භාවිතා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ශිෂ්‍යයන්ට සායනික පුහුණුව ලබාදීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගන්නා බවට කතාබහක් ඇති වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එම සිසුන්ට පිළිගත් වෛද්‍ය උපාධියක් පිරිනැමීමට තම රජයේ රෝහල්වලින් සායනික පුහුණුව ලබාගත යුතු බවත්, රජයේ රෝහල්වල පහසුකම ලබාදීමට සංගමයක් ලෙස කැමැත්ත පළකර තිබෙන බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.