සයිටම් ආයතනය වසා දැමීමට පෙර එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණයක් ඉටු කිරීමට වහාම වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාධාරණයක් ඉටුකරන මුවාවෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයාත් උසස් අධ්‍යාපන ඇමතිවරයාත් පිඹුරුපත් සකස් කරමින් සිටින බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයාසා මහතා අද (27දා) පැවති මාධ්‍ය සාකඡාවේදී සඳහන් කළේය.
මේ නිසා සයිටම් ආයතනය අහෝසි කරන බවට පොරොන්දුවක් ලබා දී තිබෙන නිසා කඩිනමින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට හා උපාධිය ලබාගත් බව සඳහන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව හෙතෙම පවසා සිටියේය .
මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගැනීමට කටයුතු කළහොත් ඒ හරහා තවත් ගැටලු නිර්මාණය විය හැකි බවත්, මේ නිසා ගැටලු ඇති නොවන ආකාරයට මෙම කටයුතු සිදුවිය යුතු බවත් වෛද්‍ය නවින් සොයිසා මහතා සඳහන් කළේය.